සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
සෞඛ්‍ය වෘත්තිකයන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් එහිදී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා. පවතින පුරප්පාඩු පිරවීම සඳහා වසරක් පාසා සෞඛ්‍ය වෘත්තිකයන් බඳවා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කළයුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී පෙන්වාදුන්නේ.