fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:04

නවසීලන්ත ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද(28)යි.

මෙල්බර්න් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 467ක් රැස් කළා. ස්ටීවි ස්මිත් ලකුණු 85යි.

මර්නස් ලබුෂේන් ලකුණු 63 ලබා ගත්තා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභින අතර 10වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ද  ස්ටීව් ස්මිත් මෙහිදි සමත් වුණා. පළමු ඉනිම ක්‍රිඩා කරන නවසීලන්ත කණ්ඩායම ඊයේ (27) දිනයට තරගය  නතර කරන විට කඩුලු 02ක් දැවි ලකුණු 44ක් ලබා සිටියා.

දෙරට අතර බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 32කට පසුව වීම විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්