මංචි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලිය හෙට (28) මහරගම ජාතික තරුණ සේවා සභා ක්රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
මංචි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලියේ ඒ කාණ්ඩය සහ සුපර්ලීග් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙනවා. ඒ කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය පැවැත්වෙන්නේ හයිඩ්රාමනි කණ්ඩායම සහ මහඋස්සව රතනපාල මහා විද්‍යාලය කණ්ඩායම අතරයි. එම තරගය හෙට (28) උදෑසන 08.00 ආරම්භ වීමට නියමිතයි. ඕෂන් ලංකා කණ්ඩායම සහ ගෝල්ඩන් ටයිගර් කණ්ඩායම අතර පිරිමි අවසන් මහා තරගය හෙට (28) උදෑසන 10 ආරම්භ වනු ඇති.
මේ අතර සුපර් ලීග් තරගය හෙට (28) පස්වරු 01සිට ස්වාධින රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරිමට සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර තිබෙනවා. සුපර් ලීග් තරගයේ කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ. පිරිමි අවසන් තරගය ශ්‍රී ලංකා යුද හමුදා සහ එම්ඒඑස් කණ්ඩායම් අතර පැවැත්විමට නියමිතයි.