fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදුවෑන් රියදුරන් ලෙස පෙනීසිටි දෙදෙනා අධිකරණය හමුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 11:47

සුදුවෑන් රියදුරන් ලෙස පෙනීසිටි දෙදෙනා අධිකරණය හමුවට

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා අද (27) යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. ඒ සදහා ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර රථයකින් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි එම මාධ්‍ය හමුව පැවැත්වූ බවත් ඒ සදහා ලක්ෂ 20 ක මුදලක් ලබාදුන් බවත් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පොලීසියට පාපොච්චාරණය කළා. කොළඹින් නිවාස දෙකක් මෙන්ම ඇමෙරිකා තානාපති කාර්යාලයේ රැකියා ලබාදීමට ද රාජිත සේනාරත්න මහතා පොරොන්දු වූ බවට අදාළ සැකකරුවන් පාපොච්චාරණය කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කරුණු වාර්තා කළා.

ඒ අනුවයි ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්