fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන් රූපවාහිනී මහගෙදර සභාපති ලෙස වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 12:03

සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන් රූපවාහිනී මහගෙදර සභාපති ලෙස වැඩ අරඹයි

සම්මානනීය සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස අද (27) වැඩ භාරගත්තා.

දශක 3 කට අධික කාලයක් තිස්සේ නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත සුදත් රෝහණ මහතා විශිෂ්ට කලා නිර්මාණ රැසක් හෙළ කලා කෙතට දායාද කළ නිර්මාණ ශිල්පියෙක්. අඹුදරුවෝ,  කරුවල ගෙදර,  ස්වයංජාත,  ගිරිකුළ,  අවිදු අඳුර,  නිරානන්දය,  වනවදුලේ වසන්තය,  බැද්දේගෙදර,  ස්වර්ණ තිසරාවි ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙනවා. සුදු කළුවර ආදී චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රැසක් ද ඔහු නිර්මාණය කර තිබෙනවා. සිය නිර්මාණවලට ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාව ද ඉමහත්. ජනාධිපති සම්මාන,  සරසවි සම්මාන,  රාජ්‍ය ටෙලි සම්මාන,  සුමති,  රයිගම්,  සිග්නීස් ආදී මෙරට සෑම සම්මාන උලෙළකදීම පාහේ ඔහුගේ නිර්මාණ විශිෂ්ට ඇගයීමට ලක්වුණා.

සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරුණේ ආගමික වතාවත් මධ්‍යයේයි. ආයතනයේ කාර්ය මණ්ඩලය හා කලාකරුවන් විද්වතුන් ඇතුලු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස සුධර්මන් රදලියගොඩ මහතා වැඩ භාර ගත්තා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඒ මහතා මීට පෙර ද ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කර තිබෙනවා.

ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස නලින් නිශ්ශංක මහතා ද අද (27) වැඩ භාර ගත්තා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්