චීනයෙන් ආනයනය කළ නව දුම්රිය බලවේග කට්ටල 8 ක් ලබන වසරේදී දුම්රිය සේවයට එක්කෙරෙනවා.
ඉන් 4 ක් ලබන ජනවාරී මාසයේදී ධාවනයට එක් කිරීමයි සැලැස්ම. කාර්යක්ෂම දුම්රිය සේවාවක් වෙනුවෙන් ඉදිරියේදී වැඩපිළිවෙල රැසක් කි‍්‍රයාත්මක බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා සඳහන් කළේ. ටිකට් පත් ලබාදීම කඩිනම් කිරිම සඳහා නවීණ තාක්ෂණ ක්‍රමවේද හදුන්වාදීමටයි නියමිත.
දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනයට සෑම දුම්රිය ස්ථානයකම විද්‍යුත් පුවරු ස්ථාපනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. සියලු දුම්රිය ස්ථානවල හෙල බොජුන්හල් විවෘත කිරීමට ද පියවර ගැනෙනවා. දුම්රිය ස්ථානවල පවතින ආපනශාලාවල අපිරිසිදු බව සැලකිල්ලට ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍ය සී බී රත්නායක මහතා සඳහන් කළේ.