වසර ගණනාවකට පසුව දුර්ලභ වලයාකාර සූර්ය ග්‍රහණයක් දැකගැනීමට ශ්‍රී‍්‍ර ලංකාවාසින්ට අද (26) අවස්ථාව උදාවුණා.
ඒ පෙරවරු 8.10 සිට 11.25 දක්වා කාලයේ දි. වලයාකාර සූර්යග්‍රහණය ඉතා හොඳින් දර්ශනය වි තිබෙන්නේ උතුරු පළාතට. ඒ හේතුවෙන් ප්‍රදේශය ආශි‍්‍රතව තරමක අඳුරු ස්වභාවයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.
වලයාකාර මට්ටමේ සූර්ය ග්‍රහණය තලෙයිමන්නාරමට ඉතා හොඳින් නිරික්ෂණය වූ බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ චින්තන විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ.
සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණීමේදි සූර්යයා චන්ද්‍රයාගෙන් වැසී යාම සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනවා. අද දර්ශනය වූ සූර්ය ග්‍රහණය තවත් රටවල් කිහිපයකට දැකගත හැකි වුවද එය වඩාත් හොඳින්ම දර්ශනය වී තිබෙන්නේ ශ්‍රී‍්‍ර ලංකාවට බවයි ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නෙ.
යලිත් මෙවැනි සුර්ය ග්‍රහණයක් දැකගත හැක්කේ 2031 වසරේ දි බවද ඔවුන් සදහන් කළා.