fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරෙන්තුව ආපසු කැදවන්නයි රාජිතගෙන් මෝසමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 11:40

වරෙන්තුව ආපසු කැදවන්නයි රාජිතගෙන් මෝසමක්

තමන් අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවන්නයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොණුකර තිබෙනවා.

ඒ සදහා අදාළ නීතිඥවරුන් අධිකරණ සංකීරණය තුළට පැමිණි බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කරන්නේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ  පෙරේදා දිනයේදීයී. ඒ  නීතිපති උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඔහුට එරෙහි චෝදනාව වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක්ද පවත්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමයි. අදාළ මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා. මෙය මුළුමනින්ම ගෙතූ ප්‍රවෘත්තියක් බවයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ.

මේ සදහා ඔවුන්ට ලක්ෂ 20 ක මුදලක් සහ කොළඹින් නිවාස 2 ක් ඇමරිකන් තානාපති කාර්යාලයේ රැකියා දෙකක් ලබාදීමට රාජිත සේනාරත්න මහතා පොරොන්දු වූ බව අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනා පාපොච්චාරණය කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පසුගියදා ඒ පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීමටද කටයුතු කළා. පළමු ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දෙවන හා තුන්වන ඇප අයදුම්පත්ද ඉදිරිපත් කළා. ඒවා ලබන 30 වනදා සලකා බැලීමට නියමිතයි.

මේ අතර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ බේරුවල සහ කොළඹ පිහිටි නිවාස දෙකටම පොලිස් නිධාරීන් ගියද ඔහු එම නිවාස දෙකෙහිම  නොසිටි බව වාර්තා වනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්