මාර්ග අනතුරු වළක්වාගැනීම සදහා රියදුරන්ට අවශ්‍ය මානසික විවේකය ලබාදිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹ පිටකොටුව බස්නැවතුම්පලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
පිටකොටුව බස්නැවතුම්පල වෙත ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතා රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයද පරික්ෂාවට ලක් කළා. එහි ඇති අඩුපාඩු සොයා බැලූ අමාත්‍යවරයා අදාළ පහසුකම් කඩිනමින් ලබා දෙන බවයි ප්‍රකාශ කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ අර්ධ සුඛෝපභෝගී බස් රථ වැඩිමුදලක් අය කළ ද සාමාන්‍ය බස් රථ සේවාවට අමතර සේවාවක් ඉන් සිදු නොවන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/wWEP73aOLik”]