සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කරමින් හෙට පෙරවරුවේ රටපුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙනුයි එය සංවිධානකර ඇත්තේ.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් සිහිපත් කිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම්කෙරුණේ 2005 වසරේ දීයි. ඉන් අනතුරුව වාර්ෂිකව මෙම දිනය සැමරීමට කටයුතු කෙරුණා. මෙවර එම සැමරුම් දින ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ ගාල්ල, තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදීයි. හෙට පෙරවරු නවයයි විසිපහේ සිට නවයයි විසහත දක්වා විනාඩි දෙකක කාලය දිවයින පුරා නිශ්ශබ්දතාව සුරකිමින් සුනාමියෙන් හා වෙනත් ආපදාවලින් මියගිය පිරිස් සිහිපත් කිරීම සිදුකෙරෙනු ඇති. මෙම උත්සවයට සමගාමීව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානකර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.