ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේදී විද්යානු කූල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා. දිවයින පුරා පිහිටි ගබඩා පහසුකම් පුළුල් කරන ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ.
ජීවන වියදම් කැබිනට් අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට ඊයේ (24) රැස්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා.උත්සව සමයේදී හිගයකින් තොරව සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිලිබද මෙහිදී අවදානය යොමු කෙරුණා.
අස්වනු මිලදී ගැනීමේදී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුලින් ගැටළු රැසක් නිරාකරණය වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සහල් මිල පාලනයට රජය ගත් තීරණයත් සමග එහි ප්රතිලාභ ජනතාවට ලැබීම පිලිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. චමල් රාජපක්ෂ , රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් ඇතුළු මැතිඇමතිවරුන්ද රාජ්‍ය නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්වුණා.