දෙව්මැඳුරු තුළින් නැගෙන සීනු නාද මධ්‍යයේ ජේසු බිළිඳානන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. ලෝවාසී කිතුණු බැතිමතුන් සමඟ නත්තල සැමරීමට ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද එක්ව සිටිනවා.
නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුණුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම,පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැබ්ව තිබෙනවා.
නත්තල වෙනුවෙන් ප්‍රධාන දේවමෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සේබස්තියන් දෙව්මැදුරේදි පැවැත්වුණා. කිතුණු බැතිමතුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය කටුවාපිටිය දේවස්ථානයේදී පැවැත්වීම විශේෂත්වයක්.
මේ අතර ස්වාධීන රූපවාහිනී සේවය සංවිධාන කළ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය පැවැත්වුණේ කටාන හල්ලේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදීයි. ඊට ද කිතුණු බැතිමතුන් රැසක් සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hhPFVEcKw1Q”]