fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය කලාව පෝෂණය කිරීමට කැපවන බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 17:48

දේශීය කලාව පෝෂණය කිරීමට කැපවන බව ජනපති පවසයි

දේශීය කලාව පෝෂණය කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කලාකරුවන් සමග පැවති සුහද හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කලාකරුවන් අතර සුහද හමුව පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේ දීයි. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තූතිය පළකිරීමේ වෙනුවෙන් මෙය සංවිධානකර තිබුණා.

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා කියා සිටියේ සංස්කෘතික අනන්‍යතාව  රැකගනිමින් කලාව පෝෂණය කිරීම සදහා කටයුතු කරන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්