මගී ප්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.
ඒ අනුව මගී ප්‍රවාහන බස්රථවල වාදනය සදහා සුභාවිත ගීත එකතුවක් හදුන්වාදීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබාදුන්නා. ඒ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. සියලු ජාතීන්ට අයත් මගී ජනතාව නියෝජනය වන පරිදි පහලොස් දහසකට ආසන්න නියැදියක් යොදාගනිමින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙලිවුණේ මෙම අධික ශබ්දයෙන් වාදනය වන ගීත සියයට සියයක්ම හිරිහැරයක් බවයි.
ඒ අනුව ලබන පලමුවනදා සිට විවේක බුද්ධියෙන් යුතුව රසවිදිය හැකි ගීත දහසක එකතුවක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.