ශ්රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන ඒෆ්ඒ කුසලානය සඳහා වන පිලිමලුන් පිටුදැකිමේ තරගාවලියේ ජාතික අදියරේ තරග පසුගියදා පැවැත්වුණා. එහිදි මාවනැල්ල සෙරන්ඩිප් ක්රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගය ගෝල 03ට 02ක් ලෙස ජය ගැනිමට බන්ධනාගාර ක්රීඩා සමාජ පාපන්දු කණ්ඩායම සමත් වුණා.
බැද්දගාන ශ්රී ලංකා පාපන්දු සම්මේලන ක්රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලිම ගෝල එක බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවුණා. එහිදි විනිසුරුවන් දෙපිලටම දඩුවම් පහර එල්ල කිරිමේ අවස්ථාව ලබා දීමට තීරණය කළා. දඩුවම් පහර 03ට 02ක් ලෙස ලබාගනිමින් තරගයේ ජය හිමි කර ගත්තේ බන්ධනාගාර ක්රීඩා සමාජ කණ්ඩායමයි. ඒ අනුව ඔවුන්අවසන් කන්ඩායම් 16 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.