මදක මෝදක මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී. නාවික හමුදාව සර්දාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි වැටලීම සිදුකළේ. සැකකටයුතු කුඩා ලොරි රථයක් නිරික්ෂණය කිරීමේදී එහි තිබූ මත්ද්‍රව්‍ය ගුලි සොයාගෙන තිබෙනවා.
ඒවා අලෙවි කිරිමට සුදානම් කර තිබූ බවයි නාවික හමුදාව සදහන් කළේ. ත්‍රිකුණාමලය සුරාබදු කාර්යාලය පරික්ෂණ මෙහෙයවනවා.