දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තය සමග ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි. වර්නන් ෆිලැන්ඩර් මේ වන විට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 60කට, එක්දින තරග 30කට සහ විස්සයි විස්ස තරග 07කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තේ 2007 වසරේදීයි.