fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නත්තල් සමරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උත්සව රැසක් සංවිධානය කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 13:19

නත්තල් සමරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උත්සව රැසක් සංවිධානය කෙරේ

අසිරිමත් නත්තල හෙටයි. මධ්‍යම රාත්‍රියේ දෙව්මැදුරු තුළින් නැගෙන සීනු හඩ මධ්‍යයේ අසිරිමත් නත්තල උදාවනවා. නත්තල් සමරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උත්සව සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් උත්සවය දෙහිවලදී උත්කර්ශවත්ව පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන්හමුදා  සේවාවනිතා  ඒකකයේ සභාපතිනි  මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ මූලිකත්වයෙනුයි එය සංවිධාන කෙරුණේ.  ආරක්ෂක අමාත්‍යාංශයේ  සේවාවනිතා  ඒකකයේ සභාපතිනි චිත්‍රානි  ගුණරත්න මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටිනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුවන්හමුදා කැරොල් කණ්ඩායම උත්සවය වර්ණවත් කළා.‍

පුත්තලම මංගලඑලිය මීසමතුළ නත්තල් කලාපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විවිධ නත්තල් වැඩසටහන් මීට සමගාමීව ක්‍රියාත්මත කර  තිබෙනවා. නත්තල් කැරොල් වැඩසටහන් සහ නත්තල් ගස්, ගවලෙන් ආදිය ඊට අයත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo