ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
ඒ ප්‍රවාහන කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත. ලෙකෝ සමාගම මේ වසරේදී රුපියල් කෝටි 300 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
බස්නාහිර පලාතේ සහ ගාල්ල නගර සීමාව තුළ ඔවුන් සිය මෙහෙයුම් පවත්වාගෙන යනවා. ඒ ලක්ෂ පහ හමාරකට ආසන්න පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන්. සේවයේ නිරත සංඛ්‍යාව 1500 ක්.