නිපුණතාවයෙන් හෙබි තරුණ පිරිස් නව රැකියා සඳහා යොමු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. රැකියා හරසර සම්මාන උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
රැකියා හරසර සම්මාන උළෙල බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව දෙවන වරට සම්මාන උළෙල සංවිධාන කළා. මෙම දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමින් රැකියා ලබාදීමට දායක වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ඇගයීම සම්මාන උළෙලේ අරමුණයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CQy48tRjhuo”]