ඉතාලියේ වැනීසියට අධික වර්ෂාවත් සමඟ නැවතත් ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ගංවතුර හේතුවෙන් නිවාස සහ ව්යාපාරික ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර සිදුව ඇති පාඩුව ඇමෙරිකා ඩොලර් බිලියන එකකට අධිකයි. වැනීසියේ ඇති ඓතිහාසික ස්ථාන රැසක් ජලයෙන් යටව පවතිනවා. මේ හේතුවෙන් සංචාරක ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. වර්ෂාවත් සමඟ ඇතැම් ස්ථානවල මීටර් දෙකක් පමණ උසට ජලය පවතින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. නොවැම්බර් මාසයේ සිට විටින් විට වැනීසිය වඩදිය හේතුවෙන් ජලයෙන් යටවනවා. 1872 වසරේ පැවති වාර්තාගත ගංවතුර ඉක්මවායාමක් ලෙස මෙය හැදින්වෙන බව සඳහන්.