ගුවන් හමුදාව සමග පැවති තරගයේ ජය හැව්ලොක් ක්රීඩා සමාජයට
Related Articles
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග පැවති පළමු අදියරේ තරගය ලකුණු 13 ට 11ක් ලෙස ජය ගැනිමට හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම සමත් වුණා.
රත්මලාන ශ්රී ලංකා ගුවන් හමුදා ක්රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදා කණ්ඩායම සහ හැව්ලොක් ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 03 බැගින් ලබා ගනිමින් සමතත්ත්වයේ පසුවුණා. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදි ආක්රමණශීලී තරග රටාවක නිරත වූ හැව්ලොක් ක්රීඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 13 ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් ඇතුලත්. එම අර්ධයේදී ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 11ක් පමණයි.