fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලී අධිකරණයට රැගෙන එයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 10:10

පාඨලී අධිකරණයට රැගෙන එයි

සංදීප් සම්පත් නමැති තරුණයා අනතුරකට ලක් කර පළා ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

ඒ සඳහා බන්ධනාගාරයේ සිට බන්ධනාගාර වෑන් රථයකින් ඒ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වන විට රැගෙන විත් තිබෙනවා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රිය අනතුරෙන් සංදීප් සම්පත් නමැති තරුණයා බරපතල තුවාල ලැබූ අතර මේ වන විටත් ඔහු පසුවන්නේ ආබාධිත තත්ත්වයෙන්. මෙම අනතුරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සති කිහිපයක් පුරා දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. ශල්‍යකර්ම කිහිපයකටද මුහුණ දී සිටින ඔහු අදටද විවිධ රෝගාබාධවලට ලක්වන්නේ මෙම අනතුර හේතුවෙනුයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්