ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව් ගිනි නිවීම සදහා ගිනි නිවන භටයින් දහස් ගණනක් ස්වෙච්ඡාවෙන් එක්ව සිටිනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටුවා ඇති ලෝකයේ විශාලතම ස්වෙච්ඡා ගිනි නිවන සංගමයේ පිරිසද මෙම ගිනි නිවීම සදහා එක්ව සිටිනවා. එම පිරිස හැත්තෑ දහසක් බවයි වාර්තා වන්නේ. කෙටි පුහුනුවකින් අනතුරුව ස්වෙච්ඡා සේවකයින් ගිනි නිවීමට එක් කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේ සිට සෑම දිනකම ගිනිනිවන භටයින් තුන්දහසක් පමණ නිව් සවුත්වේල්හි ගිනි නිවීමට එක්ව සිටිනවා. මෙම පිරිසගෙන් සියයට අනූවක්ම වැටුප් නොලබා ස්වෙච්ඡාවෙන් සේවයට එක්ව සිටිනවා. ඕස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම ස්වෙච්ඡා සේවක එක්වීමද මෙය බවටයි සැළකෙන්නේ.