හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස් ගත වීම තහනම් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බැවින් රාජිත සේනාරත්න මහතා විදෙස්ගත වීම ඊට බාධාවක් විය හැකි බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ