fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයට ලකුණු 263ක ජයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 12:14

පාකිස්තානයට ලකුණු 263ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස ජය ගැනිමට පාකිස්තානය සමත් වුනා. ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට්  තරගයෙන් ලකුණු 263ක ජයක් වාර්තා කිරිමත් සමගයි.

කරච්චිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට  සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 191ක් පමණයි . ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 271ක් රැස් කළා. දෙවන ඉනිම ක්‍රිඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුලු 03ක් දැවි ලකුණු 555ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.  ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් අබිඩ අලී සහ ශාන් මසූඩ් ලකුණු 278ක වාර්තාගත සබදතාවයක් ගොඩනැගුවා. නායක අසාර්අලී ලකුණු 118ක් සහ බාබර් අසාම නොදැවි ලකුණු 100ක රැස් කළා.

මෙලෙස ඉනිමේදී පළමු ක්‍රිඩකයින් සිව්දෙනාම ශතක වාර්තා කිරිමක් ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූයේ දෙවැනි වරට වීම විහේෂත්වයක් පන්දුයැවිමේදී ළහිරු කුමාර කඩුලු 02ක් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් බිද හෙලුවා. තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද(23)  තරගය ආරම්භ කරන විට ලකුණු 476ක ඉලක්කයක් හඹා යමින් සිටි  ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සදහා කඩුලු 07ක් දැවි ලකුණු 212ක් ලබා සිටියා. කෙසේ වෙතත් අද (23) දිනයේදී ඉනිමට කිසිදු ලකුණක් එක් කිරිමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු තුනද දවා ගැනිමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. සිය පලමු ටෙස්ට් ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 102යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 65ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී 16 හැවිරිදි නසීම් ශාහ් කඩුලු 05ක් බිද හෙලමින් වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් ඉනිමකදී කඩුලු 05ක් දවා ගත් ලොව ලබාලතම වේගපන්දු යවන්නා ලෙසයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 12:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්