හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ගොණුකළ දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරවරුවේ සලකා බැලුවා.
පසුව එය දහවල් 12 ට යලි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කළ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. ඒ කරුණු අධ්‍යයනය කිරීම වෙනුවෙන්.
කෙසේවෙතත් ඒ අතරතුර රාජිත සේනාරත්න මහතා තුන්වන අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය ද අධිකරණය හමුවේ ගොණුකර ඇති බවයි වාර්තා වන්නේ.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කළා. එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි දෙවන සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතර ඉදිරිපත් කර තිබෙන්නේ.