නත්තල් සමයේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි රුක් රෝපණය කිරීමේ අරමුණින් තුරු මිතුරු නව රටක් වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි. ඒ යටතේ ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමට කටයුතු කෙරුණා. යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-Mq3pcKvBgs&feature=youtu.be&fbclid=IwAR1-dgl8L1klXn98RTEXdA9NirHv71TH3J2KBVuYAPr0h7KAKHMAQ6qSi7M”]