ඔස්ටේ්රලියාවේ ලැව්ගිනි දරුණු තත්වයට පත්ව ඇති බව එරට වාර්තා පවසනවා.
ඊයේ (22) රාත්‍රිය වනවිට ගිනිගැනීම් 98 ක් වාර්තාවූ බවයි නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ඉන් 50 ක් තවමත් සකී‍්‍රය මට්ටමේ පවතිනවා. ඊයේ (22) දහවල් ඇතිවූ සුළඟත් සමඟ බැල්මෝරල් ප්‍රදේශයට දෙවන වතාවටත් ලැව්ගිනි ව්‍යාප්ත වුණා. එම ප්‍රදේශයේ සියලුම වැසියන් ඉවත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ලැව්ගිනි වලින් වැඩිම බලපෑමක් එල්ලවුණේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට. සම්පූර්ණ නිවාස හානි 86 ක් වාර්තා වනවා.
තම නිවාස වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රැඳවූ බොහෝ පිරිස් යළි තම පදිංචි ස්ථාන වෙත පැමිණීමට උත්සාහ කළ ද තත්වය ආරක්ෂිත නොවීම හේතුවෙන් බලධාරීන් ඊට ඉඩලබාදී නැහැ. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔස්ටේ්රලියාවේ ලැව්ගිනි දරුණු තත්වයට පත්වුණා. මේ වනවිට මියගොස් ඇති ගණන 9 ක්. පවතින වියළි සහ උණුසුම් කාලගුණය ලැව්ගිනි පැතිර යාමට හේතුවී තිබෙනවා.
මේ අතර රටේ අයහපත් තත්වයක් පැවැතියදී සංචාරයක නිරතවීමට සිදුවීම පිළිබද ඔස්ටේ්රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කණගාටුව පළකළා. තම හවායි සංචාරය කෙටි කිරීමටයි ඔහු තීරණය කර තිබෙන්නේ.