නීතිවිරෝධීව කටුපොල් වගා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළා.
කටුපොල් වගාව තහනම් කර තිබුණ ද හොර රහසේ වගා කටයුතු සිදුකරන්නන් පිළිබද තොරතුරු වාර්තාවී තිබෙනවා. ඒ අනුවයි ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස දැනුම්දී තිබෙන්නේ.
ජාතික ආර්ථික සභාව සහ කැබිනට් මණ්ඩලය ද අවස්ථා දෙකකදී කටුපොල් වගාව තහනම් කිරිමේ තීරණ වලට එළඹුණා.