පවතින වැසි සහිත කාලගුණයත් සමඟ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 75 ක ජල මට්ටම් සියයට 87 දක්වා ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ.
ජලාශ 42 ක් තවමත් වාන් දමමින් පවතිනවා. කලා ඔය, මී ඔය, දැදුරු ඔය, මැණික් ගඟ සහ මහවැලි ගඟට අයත් ජලාශවල වාන් දොරටු ද තවදුරටත් විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.
කන්තලේ ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීමෙන් තඹලගමුව, මොල්ලිපොතාන, කින්නියා ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද දැනුම්දි තිබෙනවා. පොළොන්නරුව කවුඩුල්ල ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව දෙකක්. එබැවින් මැදිරිගරිය, කහබිලියාව, පිඹුරාන, පල්ලියගොඩැල්ල ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිස්ති‍්‍රක්ක හතරකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කළා. අද පස්වරුව දක්වා එම නිවේදන බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ. මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ති‍්‍රක් ඊට අයත්.