ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයෙන් ජනාධිපති අෂ්රෆ් ඝානිට ජය හිමිවුණා.
සියයට 50 යි දශම 6 යි 4 ක ප්‍රතිශතයක් ඔහු හිමිකරගෙන ඇති බවයි එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ. ජනාධිපතිවරණය පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් මස 28 වනදා. එහෙත් ප්‍රතිඑල නිකුත් කිරීම ප්‍රමාදවී තිබෙනවා. කෙසේවෙතත් ජනාධිපතිවරයාට දෙවන වරටත් සිය ධුර කාලයේ කටයුතු කළ හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
එරට ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිටත් ගැටලු රැසක් මතුවී තිබෙනවා. තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රහාර එල්ලවීමයි ඊට හේතුව. ඒවා වැළැක්වීම සඳහා ඇමරිකාව ද සාකච්ඡා වලට එක්වුණා. මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ රැඳීසිටින ඇමරිකා සෙබලුන්ගේ සංඛ්‍යාව දාහතර දහසක්. ඔවුන් පුහුණු සහ ත්‍රස්ත මර්දන මෙහෙයුම්වල නිරත වන බවයි ඇෆ්ගනිස්ථානය පවසන්නේ.