සහල් කිලෝවක් රුපියල් 90 ටත් වඩා අඩු මිලට ලබා දිය හැකි බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.
වෙළෙඳපොළ තුළ සහල් මිල පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඇතැම් සහල් රුපියල් 100ත් 150 ත් අතර මිලක පැවතුණා. ජනතාව පත්වූ අපහසුතාව සැලකිල්ලට ගනිමින් සහල් මිල ඉහළ යාම වැළැක්වීමට රජය පියවර ගත්තා. ඒ අනුව සම්බා හා නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස නියම කෙරුණා. වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙදසල් පරීක්ෂා කිරීම ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා. වෙළෙඳසල්වල සහල් මිල දර්ශක ප්‍රදර්ශනය කිරීම ද අනිවාර්යය කර තිබෙනවා.
මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩු මිලට සහල් ලබා දීමට හැකි බවයි සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/bDnd_7M9J3Y”]