ඇමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ පිහිටි නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මහල් 3 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේයි ගින්න හට ගැනුණේ. ඉන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 70 දෙනෙකු පමණ රැඳි සිටි බවට එරට වාර්තා සඳහන් කරනවා. ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් හාරලක්ෂ හැත්තෑපන්දහසක පමණ වන බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.