ප්‍රංශයේ හදවත ලෙස සැලකෙන නොත්‍රදාම් ආසන දෙව්මැදුරේ සියවස් දෙකකින් පසුව නත්තල් දේව මෙහෙය පවත්වන්නේ නැති බව ප්‍රංශ බලධාරින් සදහන් කරනවා.
පසුගිය අප්‍රේල් 15වනදා නොත්‍රදාම් ආසන දෙව්මැදුරේ හදිසියේ ඇති වූ ගින්නෙන් එහි වහලය සහ වටිනා පුරාවස්තු රැසක් විනාශයට පත් වුණා. 1803 වසරෙන් පසු ප්රථමවතාවටයි මෙම දෙව් මැදුරේ නත්තල් දේවමෙහෙය පැවැත්විමට නොහැකි වන්නේ. ඒ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුවන බැවින්. මෙවර නත්තල් දේවමෙහෙය අසල පිහිටි දේවස්ථානයක පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා. සියවස් අටක් පැවති මෙම දෙව්මැදුර මුළුමනින්ම අලුත්වැඩියා කිරිම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් වසර 05ක කාලයක් ලබා දී තිබෙනවා.