සහල් වැඩි මිලට අළවි කරන්නන්ට එරෙහිව අඛණ්ඩ වැටලීම්
Related Articles
උපරිම මිල සීමාව උල්ලංගනය කරමින් සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව අඛණ්ඩව නීතිය කි්රයාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
පසුගිය 19 වනදා නාඩු සහ සම්බා කිලෝවක් සඳහා රුපියල් 98 ක මිලක් රජය විසින් නියම කළා. ඇතැම් වෙළෙදුන් එම මිල සීමාව උල්ලංගනය කරන බවට තොරතුර ලැබී තිබෙනවා. ඒ අනුව වැටලීම් 3963 ක් සිදුකළ බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. එහිදී වෙළෙද සැල් හිමියන් 300 දෙනෙකුට එරෙහිව පියවර ගෙන තිබෙනවා.