රජය සතු සියලු වී තොග ලබන බදාදාට (25) පෙර සහල් බට පත්කර වෙළදපලට මුදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
රජය සතුව ඇති සහල් තොග ද කඩිනමින් වෙළදපලට නිකුත් කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. රට තුළ නිර්මාණය කර ඇති ව්‍යාජ සහල් හිඟයට මුහුණදිම සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.
සම්බා සහ නාඩු සහල් සදහා රුපියල් අනු අටක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඊට වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩව වැටලිම් කි‍්‍රයාත්මක බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කෙළ්.
එවැනි වැටලිම් වලින් මේ වන විට වෙළදසැල් සියයකට එරෙහිව නඩු පවරා ඇති බවද අධිකාරිය ප්‍රකාශ කළා.