ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවිම සදහා වන සම්මුඛ පරීක්ෂණ හෙට (23) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අදියර තුනක් යටතේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටයි නියමිත. මේ වන විට ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු 275ක් පවතින බවයි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේ.
පුරප්පාඩු පවතින පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරින් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත්කර ගැනීමටයි නියමිත. ඊට අයදුම් කිරිමේදි තම මනාපය පරිදි පාසල් කිහිපයක් නම් කිරිමට ද අවස්ථාව පවතිනවා.
තනතුරු සදහා අනුයුක්ත කිරිමේදි එය ද සැලකිල්ලට ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.