fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ දිවි සැරිය නිම කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 10:12

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ දිවි සැරිය නිම කරයි

ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනිල්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.

70 දශකයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙකු සහ විස්තර විචාරකයෙකුව කටයුතු කළ අතර ගීත රචකයෙකු ලෙසින්ද මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් සිදු කළා. ලක්හඩ ගුවන් විදුලිය ආරම්භයේ දී සහකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ සුනිල්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙහෙයුම් කළමනාකරු ලෙසද කටයුතු කර තිබෙනවා.

මේ වන විට දේහය නො. 551න් එක දර්ශන මාවත, දංගහවෙල, රාගම නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේදී පොල්හේන ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්