ශ්රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ හතරවන දිනය අදයි
Related Articles
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ හතරවන දිනය අදයි. දෙවන ඉනිම ක්රිඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 395ක් ලබා සිටියා.
කරච්චිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 191ක් පමණයි . ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 271ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 74යි. පන්දුයැවිමේදී ශශින් අෆ්රිඩි කඩුලු 05ක් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 04ක් බිඳ හෙලුවා. දෙවන ඉනිම ක්රිඩා කරන පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් අබිඩ් අලී සහ ශාන් මසූඩ් ලකුණු 278ක වාර්තාගත සබඳතාවක් ගොඩ නැගුවා. අබිඩ් අලී ලකුණු 174 යි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 21ක් ඇතුලත්. නායක අසර් අලී නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා.