fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ගමන්වාර තුනක් අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 16:25

දුම්රිය ගමන්වාර තුනක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර තුනක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මඩකලපුව සහ පොලොන්නරුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය තුනක් මෙසේ අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අයහපත් කාලගුණයයි ඊට හේතුව. ප‍්‍රදේශ කිහිපයකම දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. අද (21) රාත‍්‍රි හතට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය කිරිමට නියමිත මීනගයා දුම්රියද අද ධාවනය නොවන බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පස්කදු කඩා වැටීමේ අවදානම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ද බණ්ඩාරවෙල දක්වා පමණක් සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්