හොන්ඩුරාස් රාජ්‍යයේ බන්ධනාගාරයක සිදුවූ ප්රචන්ඩ ක්‍රියා හේතුවෙන් රැදවියන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් සියලු බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරිමට එරට බලධාරින් කටයුතු කළා. තත්වය පාලනය කිරිම සදහා පොලිසියට අමතරව හමුදා නිලධාරින් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.