අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ජාතික ගමනා ගමන කොමිසම සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරු හේතුවෙන්. සමීක්ෂණයේදී මඟීන් දහසක පිරිසකගෙන් අදහස් ලබාගෙන තිබෙනවා. එහිදී සියලුදෙනා ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව අහෝසි කළයුතු බවටයි. එම බස් රථ සේවාවෙන් ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවයි ජනතාව සඳහන් කර තිබුණේ.
බස් රථවල තිර රෙදි පිරිසිදු නොකිරීම හේතුවෙන් දූවිල්ල ආග්රහණයවී මඟීන් අපහසුතාවට පත්වන බව ද සමීක්ෂණයේදී හෙලිවුණා. ඒ අනුව ජනතා අදහස් සැලකිල්ලට ගනිමින් එම සේවාව අහෝසි කිරීමට අවධානය යොමුව ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.