කළුතර වස්කඩුව ප්රදේශයේ දී මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලැබුවා.
මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හා මතුගම බලා ධාවනය වෙමින් තිබූ ලොරි රථයකුයි මෙලෙස ගැටී තිබෙන්නේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ මෝටර් රථයේ ගමන් ගත් වයස අවුරුදු 65 ක කාන්තාවක්.
තුවාල ලැබූවන් කළුතර මහ රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පිරිස වන අතර ඔවුන් කොහුවල ප්රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය සදහන් කළේ. අනතුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.