fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප‍්‍රහාරයකින් මියයාමේදී ගෙවන වන්දි මුදල් දෙගුණයකින් වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 10:16

වන අලි ප‍්‍රහාරයකින් මියයාමේදී ගෙවන වන්දි මුදල් දෙගුණයකින් වැඩි කෙරේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ලබන වසරේ ගැසට් කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළා.

ඒ වන අලි ගැටලුව සම්බන්ධයෙන් හම්බන්තොට පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. වන අලි කළමනාකරණ රක්ෂිත කලාපයක් මීටපෙර වෙන්කර තිබුණ ද එහි භූමිය ඇතැම් පිරිස් අනවසරයෙන් භාවිත කරන බව හෙලිව තිබෙනවා. එම කලාපයේ අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

විදුලි වැට ආරක්ෂා කිරීම සඳහා ගම් මට්ටමින් තරුණයන්ට රැකියා අවස්ථා ලබාදීම ද සැලසුමක්. වන අලි පහරදීම් වලින් මියයන පුද්ගලයන් සඳහා ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමටත් එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්