කුඩා තේ වතුවල එලදාව වැඩි කිරීම සඳහා ව්‍යාපෘති තුනක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
මේ වනවිට අක්කරයකින් ලබාගත හැකි තේ එලදාව කිලෝග්‍රෑම් 350 ක්. එය කිලෝග්‍රෑම් 750 දක්වා වැඩි කිරීම ඉලක්කය බවයි රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ.
තේ කර්මාන්තශාලා හිමියන් ලබාගෙන ඇති ණය සියයට 30 කින් පමණ කපාහැරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා. තේ කර්මාන්තශාලා හිමියන්ට පවතින ආර්ථික අපහසුතා අවම කිරීම අරමුණ බවයි රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.