ශ්‍රී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද (21)යි. ඊයේ (20) දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 57 ක් රැස්කරගෙන සිටියා.
පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 271 ක් වාර්තා කිරීමට සමත් වුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 74 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් ලබාගත්තා. තරඟය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ කරච්චි හිදී.