සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය නැවත අය කරගැනීම වහාම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම බැංකු සභාපතිවරුන් හා ප්‍රධාන විධායක නිලධාරීන්ට ඒ සම්බන්ධ උපදෙස් ලබාදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. දැනට ගෙවීමට ඇති ණය සීමාව රුපියල් මිලියන තුන්සියය නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යලි සමාලෝචනයට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා මෙම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව රුපියල් මිලියන තුන්සියය නොඉක්මවන ණය අය කරගැනීම අත්හිටුවන ලෙසයි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සියලුම බැංකු වලට දැනුම්දී තිබෙන්නේ. නව රජයේ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ සියලු බැංකු වලට සැලකිය යුතු ඉතිරියක් ලබාදී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ණය වෙනුවෙන් අදාල ඉතිරි කිරීම් වලින් කොටසක් භාවිත කරනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. රජයේ මෙම තීරණයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ද සහනයක් හිමිවනවා.
එමගින් වෙළෙඳපොළේ තරඟකාරීත්වය වැඩි කිරීමටත්, මහ කන්නයේ කෘෂිකාර්මික හැකියාව සකී‍්‍රය කිරීමටත් රජය අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.