අද (21) දිනයේත් පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලට මිලිමීටර සියය ඉක්මවන තද වැසි ඇති වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ.
මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශ වලට ඝන මිහිදුම් තත්වයක් ද පවතිනවා. රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.