ශ්‍රී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පාකිස්ථාන දෙවන ඉනිම ආරම්භ වුණා.
මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම ලකුණු 57ක් රැස්කරගෙන සිටිනවා. පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 ක්. පිළිතුරු ලෙස ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 271 ක් රැස්කිරීමට සමත් වුණා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 74 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ෂහීන් අෆ්රිඩි කඩුලු පහක් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වුණා. තරඟය පැවැත්වෙන්නේ කරච්ච් හිදී.